වසර 10කට පසු අනිද්දා (09) බුධ සංක්‍රාන්තියක් සිදුවීමට නියමිතව ඇත . මෙවැනි බුධ සාංක්රාන්තියක් නැවත සිදුවන්නේ 2032 වසරේදීය. මෙම බුධ සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවට ද නිරීක්ෂණය වන අතර ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්යක්ෂ අනූෂා කෝරලගම මහත්මිය සඳහන් කළේ අභ්‍යවකාශයේ සිදුවන මෙම සිදුවීම පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු බවයි.
එමෙන්ම මෙම බුධ සාංක්රාන්තිය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් වැඩමුළුවක් සංවිධාන කර ඇතැයි ද මෙහිදී ප්‍රකාශවිය.
එදින සවස 4.00ට කොළඹ ගාලූමුවදොර පිටියේදී මෙම වැඩමුළුව ආරම්භ වනු ඇති.