වසර 03ට කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලසුමක්
ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් හට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සංසදයේ රැස්වීම පසුගියදා (20දා) මහනුවර ගන්නෝරුව කෘෂිකර්ම තොරතුරු තාක්ෂණික ආයතනයේදී පැවැත්වුණි.
කෘෂිකර්ම ක්ෂේත්රයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වයන් අවබෝධ කරගනිමින්, ස්වභාවික උවදුරු, පසු අස්වනු හානිය, සතුන් විසින් සිදුකරනු ලබන හානිය, නව තාක්ෂණික උපකරණ හඳුන්වාදීම, විධිමත් කෘෂිකාර්මික පුහුණුව, වෙළෙඳ පොළ අවස්ථා පුළුල් කිරීම වැනි කෘෂි ක්ෂේත්රයට අදාළ කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙම පළාත් පාලන සමුළුවේදී සාකච්ඡා කෙරුණි.
මෙම අදහස් හා යෝජනා ලබාගැනීම මගින් සකස් කෙරෙන තුන් අවුරුදු කඩිනම් කෘෂිකාර්මික සැලැස්ම ලබන 24 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
හැකිතරම් ආහාර ආනයනය සීමා කිරීමටත්, අපනයනය ඉහළ නැංවීමටත්, අවශ්‍යවන පරිදි කෘෂිකර්මාන්තය ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ මෙහෙයවිය යුතු බවටත් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


