වන වස විස නැති ගොවිතැනක් වැඩසටහනේ සාමාජිකත්වය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබාගත් බව සෙමා ආයතනය සඳහන් කරයි.
මේ අනුව වස විස නැති ජාතික ගොවි ජාලයේ අංක 18493 සාමාජික අංකය මහින්ද අමරවීර මහතාට හිමිවූ බවද එම ආයතනයේ සභාපති අශෝක් අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
2018 යල කන්නය සඳහා ගොවීන් ලියාපදිංචි කිරීම යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලියාපදිංචි වී සිටින්නේ යාය 15, යකාගල, අගුණකොළපැලැස්ස ලිපිනයේ සඳහන් කුඹුරු අක්කර 1.25ක වස විසෙන් තොර වී වගාවක් සිදුකිරීම සඳහාය.
කෘෂිකර්ම අමාත්‍යවරයා ගමන් කළ මාර්ගයේ ගමන් කරමින් ඕනෑම ගොවියෙකුට වස විසෙන් තොර ගොවිතැනක් වැඩසටහනට සම්බන්ධ වී පරිසර හිතකාමී ගොවිතැනක් සිදුකළ හැකි බවද සෙමා ආයතනය සඳහන් කරයි.