වවුනියාව සෙට්ටිකුලම අඩම්පන්කුලමේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාව අද (21දා) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් විනයාගමූර්ති රාමකමලන් මහතා වවුනියාව පොලීසියට නියෝග කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය පනවා ඇත.
මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හේතුව පිළිබඳව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් ගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, පෞද්ගලික ඉඩමක පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පවත්වාගෙන ගිය කඳවුරක සිට පිටතට අදින ලද විදුලි රැහැනක පැටලී කාන්තාවක මියයමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිලි කළ බවයි.