වවුනියාව, මහකච්චකොඩිය ප්‍රදේශයේ වළදමා තිබියදී ඊයේ (16දා) උදෑසන අත්බෝම්බ 02ක් සොයාගත් බව වවුනියාව පොලීසිය පවසයි.
සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පස්කපන යන්ත්‍රයකින් බොරලු කපමින් සිටියදී අදාළ බෝම්බ හමුවී ඇත.
පසුව එම ස්ථානයේ බොරලු කැපීම තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති අතර, එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.
අත්බෝම්බ හමුවූ ස්ථානයේ තවත් පුපුරන ද්‍රව්‍ය පවතීද යන්න සොයාබැලීමට පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම්දීමට පොලීසිය කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.