යාපනය විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ (11දා) ඇති වූ ගැටුමක් හේතුවෙන් දෙවන වසර සිසුන් තිදෙනෙකු තුවාල ලබා රොහල්ගත කොට ඇති අතර, අද උදෑසන වන විට ඉන් දෙදෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තවත් එක් සිසුවෙකු ප්‍රතිකාර ලබන බව යාපනය කෝපායි පොලීසිය පවසයි.
ගැටුමට හේතු වී ඇත්තේ එම පීඨයේ තෙවන වසරේ සිසුන්ගේ දෛනික ක්‍රියාවන් පිරිහි ඇති බවටත්, එම ක්‍රියාවන් හෙළා දකිමින් දෙවන වසර සිසුන් විසින් යාපනය සරසවියේ පුස්තකාල ගෙඩනැගිල්ලේ අලවා තිබූ පොස්ටර් කිහිපයක් නිසා බවයි කෝපායි පොලීසිය කියා සිටියේ.