වවුනියාව දිසාපතිට එරෙහිව යෝජනාවක්
වවුනියාව දිසාපති බන්දුල හරිස්චන්ද්ර මහතා වහාම ක්රියාත්මක වන පරිදි මාරු කළ යුතු බවට උතුරු පළාත් සභාවේදී සියලු මන්ත්රීවරුන්ගේ සහාය ඇතිව යෝජනාවක් සම්මත වූ බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී වන්නිහාමිගේ ජයතිලක මහතා පැවසීය.
පසුගිය 08 දා උතුරු පළාත් සභාවේදී දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්රී ජී.ටී. ලිංගනාදන් විසින් වවුනියාව දිසාපති වහාම මාරු කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාවට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාගේ සහාය ලැබී සම්මත වී ඇත.
මේ පිළිබඳව පළාත් සභා මන්ත්රී ජී.ටී. ලිංගනාදන් මහතාගෙන් විමසූ විට පැවසුවේ, වවුනියාව දිසාපති උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන්ට කිසිදු ගරු කිරීමක් සිදු නොකරන අතරම පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජනතා සේවයටද කිසිදු උනන්දුවක් නොදක්වන බවයි.
පසුව දිසාපතිවරයා සිංහල අයෙකු වීම නිසා මේ අවස්ථාවේදී ඔහුව මාරු කිරීමට කටයුතු කරන්නේදැයි ඇසූ විට ලිංගනාදන් මන්ත්රී වරයා සඳහන් කළේ, එය එසේ නොවන බවටත් ජනතාවට සේවය නොකරන අයෙකු වීමෙන් සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාගෙම විරෝධය ඉදිරිපත් වීමෙන් දිසාපතිවරයා මාරු කිරීමට යෝජනාව ඉදිරිපත් කළ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
