වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටි වෙළඳසැල් කිහිපයක අද (20දා) අළුයම ඇති වූ හදීසි ගිනි ගැනීමක් හේතුවෙන් වෙළඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් වෙළඳසැල් දෙකකට හානි සිදුව ඇත..
අද අළුයම 01 ට පමණ මෙම ගින්න ඇතිව තිබෙන අතර වෙළෙන්ඳන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් අදාල වෙළඳසැල් දෙසට පෙට්රල් බෝම්බයක් විසිකොට පලා ගිය බවයි.
වව්නියාව පොලීසිය කියා සිටියේ අදාල ගිනි ගැනීම් සම්බන්ධයෙන් නිශ්චිතව තවමත් කිසිවක් ප්රකාශ කළ නොහැකි බවත් වෙළඳසැල තුළ වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවත් ගින්න සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.