නිල් පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් වව්නියාව, පුරමංගාරු ප්‍රදේශයේ ජනතාවට ඡන්දය දැමිමෙන් වළකින ලෙස බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ අතර වව්නියාව දිස්ත්‍රික්කය තුළ ලංගම හා පෞද්ගලික බස් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන හෙයින් ඡන්ද දායකයන්ට ඡන්ද මධ්‍යස්ථාන කරා ළගාවීම අපහසු වී තිබේ.
ජනතාව පෞද්ගලික වාහන, යතුරුපැදි හා පාපැදිවලින් පැමිණ පිරිස් ඡන්දය ප්‍රකාශය කරමින් සිටිති.