(UPDATE) (PHOTO) වලස්මුල්ල වරාපිටිය වැවේ දියනෑමට ගිය පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිරම පදිංචි එකම පවුලේ මව, පියා සහ දැරියන් දෙදෙනා වූ කේ.එච්.ප්‍රේමදාස (51), කේ.සුජාතා (48), කේ.එච්. තක්ෂි භාග්‍යා (08), කේ.එච්. වාසුලා (21) යන අය සහ දෙහිවල උසස් තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරන වාසුලාගේ මිතුරියකි.
මොවුන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති අතර, ජලාශයේ ගැඹුරු වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මොවුන්ගේ මෘත දේහයන් කිරම රජයේ රෝහලේ තැන්පත් කර ඇත. වැඩිදුර පරීක්ෂණ කටයුතු කටුවන පොලීසිය මගින් සිදුකරයි. එක් මළසිරුරක් පාවෙමින් තිබියදී ප්‍ර‘දේශවාසියෙක් දැක පොලිස් 119 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.
මෙම වරාපිටිය වැව අසල ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් නවතා තිබූ අතර, මොවුන් දියනෑමට පැමිණෙන්නට ඇත්තේ එම රථවලින් බවට පොලීසිය සැක කරයි.
කිරම ඩබ්. ඒ නෙල්කා /රාහුල් සමන්ත - හම්බන්තොට