ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් 581 ක් යොදාගෙන ඇතැයි වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ හිටපු ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නිදහස් කළ එම සේවකයන්ගේ වැටුප් පමණක් නොව අතිකාල දීමනාද ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගෙවා ඇති බවයි. ඉන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වූ පාඩුව ලක්ෂ 441 ක්වූ බවද ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය. ඒ මහතා ඒ බව පැවසුවේ මැතිවරණ නීතිය අනුව තමන් පරිහරණය කරන නිල රථය සඳහා වූ මුදල් වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතාට බාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය. මේ රටේ සම්පත් අරගෙන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලයේ දේශපාලනය කළේ. රාජ්‍ය සම්පත් පුදුම විදියට පාවිච්චි කරලා එයින් මැතිවරණ ජයග්‍රහණයක් කළා. අද මේ රටේ මහජනතාවට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු හුඟක් අඩපණ වෙලා තියෙන්නේ රජයේ දේපොළ පාවිච්චි කරන්න බැරි නිසා. අපි විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවක් වෙනුවෙන් පෙන්නන්න ඕන අපි කරන වෙනස යනුවෙනි.