හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව හෙට (28දා) සිදුකිරීමට සැලසුම් කළ වරාය සේවක වර්ජනය තාවකාලිකව කල්දැමූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.
ඛනිජ තෙල් සේවක වර්ජනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පැවරීමට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදී තිබෙන බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය සඳහන් කළේය.
අගෝස්තු පළමු වැනිදා මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එම සංශෝධන පිළිගැනීමේ කටයුතු නොකළහොත් වැඩවර්ජනය දියත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.