කොළඹ නැගෙනහිර වරාය විකිණීමට අදාළව හා හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය තෙල්ටැංකි විකුණා දැමීමට ගෙන තිබෙන තීරණවල තොරතුරු වහාම ලබාදෙන ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අද (08දා) දින ලිඛිතව ඉල්ලා සිටින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ, අදාළ තොරතුරු ඉල්ලා සිටින අතර, තොරතුරු දැනගැනීමේ පනතට අනුව අදාළ තොරතුරු ලබාදීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා බැඳී සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.
ආණ්ඩුව හොර රහසේ අත්සන් කරන ගිවිසුම් මගින් මෙම ආයතන විකුණා දැමීමට හා බදුදීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.