කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම හොර රහසේ හෙට (02දා) දිනයේ අත්සන් කිරීමට සැලසුම්කර තිබෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.
මීට අමතරව හම්බන්තොට වරාය චීනයේ CMPORT සමාගමට වසර 198කට පවරා දීමේ වැඩකටයුතු ඉක්මන් කර තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සහ ඇමරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පැවරීමට සැලසුම්කර තිබෙන බවද පවසා සිටියේය.