කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය සහ අදාළ සමාගම මේ සම්බන්ධයෙන් 2014.09.16 දින අත්සන් කළ ගිවිසුමෙහි කාලය එය අවසන් වන 2015.09.16 සිට තවත් මාස 06 දීර්ඝ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.