වරාය නගර ව්‍යාපෘතිය තුළින් වයඹ, බස්නාහිර හා දකුණු පළාතේ ධීවර කර්මාන්තයට බලපෑමක් එල්ල වී නොමැති බව ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනය (NARA) විසින් සෝනාර් උපයෝගී කරගනිමින් සිදුකරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි නාරා ආයතනය මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ ඇතැම් ධීවර කණ්ඩායම් වරාය නගරය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විටින් විට කරන ලද චෝදනා හා ප්‍රකාශ අවධානයට ගනිමිනි.