කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පවත්වාගෙන යෑම සඳහා වත්මන් රජය සකස් කර ඇති පරිසර ඇගයීම් වාර්තාවට විරෝධය පළ කරන බව පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය සඳහන් කළේය.
එම සංවිධානය කොළඹ දී අද (09දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා සොබා සාමුහිකයේ තිලක් කාරියවසම් මහතා සඳහන් කළේ, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සකස් කර ඇති නව පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව පසුගිය රජයේ රහසේ සකස් කළ පරිසර ඇගයීම් වාර්තාවට සමාන එකක් බවයි.
මේ පිළිබඳව ඉදිරියේදී විරෝධය පළකරන බව ඔහු අවධාරණය කළේය.