හම්බන්තොට වරාය බඳු දීමෙන් ලැබුණ ඩොලර් බිලියන 1.1ක මුදලින් ණය ගෙවීමක් සිදු නොවන බවත් එහ මුදල මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බවත් පිවිතරු හෙළ උරුමයේ නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ජාතියට තිබුණ වටිනාම සම්පත විකුණලත් ණය බර එක සතපහකින් වෙනස් වෙන්නේ නෑ. ඒ මුදල මහා භාණ්ඩාගාරයට බැර වීමයි සිදුවෙන්නේ. ණය කන්ද එහෙම තිබියදී මේ මුදල ඇමතවරුන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමට ඉඩ තිබෙනවා.
ලක් අම්මා 2015 ජනවාරි 8 දා අප්පච්චී අත්හැරලා බාප්පච්චි සරණ ගියා. මේ බාප්පච්චී දැන් අර අප්පච්චිගේ දරුවන්ට වෙනස් කම් කරනවා. නොසලකා හරිනවා. අප්පච්චි ආදරයෙන් හදාගත් දරුවන් ඉන්දියාවට, චීනයට , ඇමෙරිකාවට දිගු කාලයකට මෙහෙවරකම් කරන්න බාර දෙමින් ඉන්නවා.”