කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට පසුගිය දින කිහිපය තුළ වර්ෂාව ඇදහැලුණද එම ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ මට්ටමක පවතින බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔහු සඳහන් කරන අන්දමට මාවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි තිස්අට දක්වාද, කාසල්රි ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි විසිපහ දක්වාත් පහළ බැස තිබේ. එම නිසා ජලාශ දෙකේ දැනට පවතින ජල ධාරිතාවන්ගෙන් විදුලිය නිෂ්පාදනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.