මෙරට එක් වර්ෂයක් තුළ යල, මහ කන්න දෙක වගා කිරීම සදහා බිත්තර වී බුසල් ලක්ෂ 64 ක් අවශ්‍ය බවත්, රට තුළ ඒ ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක කළහැකි පරිදි ජාතික බීජ ප්‍රතිපත්තිය ඉදිරි මාස තුන ඇතුළත ඉදිරිපත්කරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඉදිරිපත්කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරිය මේබව පැවසුවාය.