අයවැය තුළින් අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කරමින් වෘත්තීය සමිති කීපයක් විසින් ක්රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (14දා) විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතය.
වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවල දී වෘත්තීය සමිතිවල ඉල්ලීම පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.
එමෙන්ම රජයක් ලෙස කළ හැකි සියලු දේ සිදු කිරීම රජයේ බලාපොරොත්තුව වන අතර එහෙත් රජයක් ලෙස සිදු කළ නොහැකි ඇතැම් අසාධාරණ ඉල්ලීම් ඉල්ලන වෘත්තීය සමිතිවලට යට නොවීමද රජයේ ස්ථාවරය වී තිබේ.
පසුගිය දින කීපයේ දී වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාවලින් පසු අයවැය යෝජනා මගින් ඉදිරිපත් වූ ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් රජය සාධාරණ ලෙස ඇහුම්කම් දීමෙන් පසුව යම් සහනදායී තීන්දු කීපයක් ගැනීමට පියවර ගෙන ඇති බවද %අද^ට වාර්තාවේ.
මෙහිදී දුම් පරීක්ෂණ ගාස්තුවට අමතරව අය කරන රුපියල් 5000 ගාස්තුව අඩු කිරීම, ලීසිං ගැනීමේදී තක්සේරු ගාස්තු අඩු කිරීම, ආදායම් බලපත්ර ගාස්තුව අඩු කිරීම කෙරෙහි ද රාජ්ය හා පෞද්ගලික සේවකයන්ට විශේෂ සහන ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ද වාර්තාවේ.
කෙසේ වෙතත් අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් අද දිනය තුළ සිදු කරන විශේෂ ප්රකාශයේ දී අදාළ තොරතුරු සඳහන් කිරීමට නියමිතය.