දීපව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ සංගමයට අයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ශ්‍රේණි 19 ක් අද උදෑසන 8.00 සිට ක්‍රියාත්මක කරනවෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (04දා) උදෑසන 8.00 ට නවතා දැමීමට තීරණය කර තිබේ.
අද දවසේ සිදුකළ වර්ජනයට මෙතෙක් ප්‍රතිචාර ලබාදී නොමැති බවත්, මේ නිසා අද සවස රැස්වන සංගමයේ විශේෂ රැස්වීමේදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් එම සංගමයේ සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සිල්වා මහතා සඳහන් කළේය.