විශ්ව විද්‍යාල සියලූ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වැඩවර්ජනය විසදුමකින් තොරව කිසිදු විටක අවසන් නොකරන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.
රජය කළ දැනුම් දීමද නොතකා ඔවුන් මේවනවිට වැඩවර්ජනයේ නිරතව සිටින අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ අද දින සේවයට වාර්තා නොකරන පරිවාස හා පුහුණු කාලය තුළ සේවයේ නියුතු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවය.