වරකාපොළ, ඇත්නාවලදී හමුවූ ඝාතනය කළ මල සිරුර පිළිබඳව පොලීසිය කළ පරීක්ෂණයේදී වැදගත් සාක්ෂි කිහිපයක් දැනටමත් හමුව තිබෙන බව පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පස්යාලේදී පැහැරගත් බවත් ඔහු කඩුගන්නාව බලා පෙරේදා රාත්‍රියේ ගමන් කරමින් සිටින විට මෙම පැහැරගැනීම සිදුව ඇති බවත් පොලීසිය පවසයි.
තවදුරටත් අදහස් දක්වන පොලීසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පවත්වන බවත් ඝාතනය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් පොලීසියට පවසන ලෙසත්ය.