මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී විදේශීය මත්පැන් විශේෂයක් පානය කළ බව කියන ව්‍යාපාරිකයකු හා නිවැසියා වූ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙක් මරණයට පත්ව ඇති අතර, පොලිස් සාමාජිකයන් දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබ ඇතැයි මීරිගම පොලීසිය කියයි.
මෙම සිවුදෙනා විදේශීය මත්පැන් බෝතලයෙන් උගුර බැගින් පානය කර ඇති අතර එක්වරම ඔවුන් ඇද වැටී ඇති අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා කටට ගත් මත්පැන් විසිකර දමා අසල නිවසකට දුව ගොස් උදව් ඉල්ලා ඇති බව අනාවරණය වී ඇත. වහා කි‍්‍රයාත්මක වූ අසල්වාසීන් මේ සිව්දෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත්, ව්‍යාපාරිකයා හා තැපැල් සේවකයා එහිදී මරණයට පත්ව ඇත.
මෙම රෝගීන් සිවුදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කළ කිහිප දෙනෙකුටද කිසියම් සැරගතියක් ආශ්වාස වීම නිසා ක්ලාන්තය, උගුරකට වේලීම ආදී රෝග ලක්ෂණ පහළ වූ බවත් ඔවුහු ඊයේ 26 රාති‍්‍රයේම ප්‍රතිකාර ලබාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණ.
මෙම සිද්ධියට පාදකවන්නට ඇතැයි සැක කරන මත්පැන් බෝතලය බටහිර රටක නිෂ්පාදනයක් බවට අනාවරණය වී තිබේ. මෙම පිරිසට එය ලැබුණේ කෙසේදැයි අනාවරණය කර ගැනීමට තවදුරටත් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
මීරිගම කාන්ති