හිඟුරක්ගොඩ හතමුණ කොටුවෙල ගම්මානයයේ ජීවත් වන ඩී.ඒ කරුණාවතී අවුරුදු මේ වන විට අවුරුදු සියය සම්පූර්ණ කොට ඇත.
ඇය පවසන පරිදි 1915.08.21 දී උපත ලබා ඇති ඇයගේ ස්වාමියා වන ඩී.පී. ජිනදාස ගොවි මහතා මීට වසර 41 පෙර මියගොස් ඇත.
පුතුන් පස්දෙනෙකු සහ දියණියන් හයදෙනෙකුගේ මවක වන කරුණාවතී මෑණියන්ට දැනට ඇස් නොපෙනීම හැර කිසිදු රෝගයක් නොමැති බව ඇයගේ දරුවෝ පවසති. ඇයට දරු මුනුපුරෝ එකසිය වස්සක් සිටිති.
තමාට වැඩි කල් ජීවත්වීමට වාසනාව ලැබී ඇත්තේ ආගමානුකූව තම ජීවිතේ පවත්වාගෙන යන නිසා බව ඇය පවසා සිටියාය. ප්රදේශවාසීන් කිහිපදෙනෙකු සහ දරු මුනුපුරෝ කොටසක් එක්ව පසුගියදාට යෙදුණු ඇයගේ සිය වැනි ජන්ම දිනය සැමරූහ.