වයඹ පළාත් සභාව යටතේ සේවය කරන හෙද නිලධාරීන්ට සැප්තැම්බර් මාසයේ සිට හිඟ දීමනා ලබානොදීමට එරෙහිව වයඹ පළාත් රෝහල් තුළ සිදුකරන වැඩ වර්ජනය හෙට (28දා) දිනය තුළදීත් ක්රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද (27දා) දිනය තුළ සංකේතාත්මකව සේවයෙන් ඉවත්ව සිටීමේ ක්රියාමාර්ගයක් දියත් කළ බවත්, එයට බලධාරීන් කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ බවත් එම සංගමයේ සභාපති හෙද නිලධාරී සමන් රත්නප්රිය මහතා සඳහන් කළේය.
මේ නිසා වැඩවර්ජනය හෙට (28දා) දිනය තුළද ක්රියාත්මක කරන බවද ඔහු පවසා සිටියේය.
වයඹ පළාත් හෙද නිලධාරීන්ට සැප්තැම්බර් මාසයේ සිට අතිකාල දීමනා, රජයේ නිවාඩු දින දීමනා සහ සති විවේක දීමනා ගෙවා නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය.