වයඹ පළාත් රෝහල්වල සිදුකළ හෙද වැඩවර්ජනය අද (07දා) සවස 4.00ට අවසන් කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හෙද නිලධාරීන්ට අවිධිමත් ලෙස ස්ථාන මාරුවීම් ලබාදීට එරෙහිව පසුගිය 04 වැනිදා උදේ 7.00 සිට සිදුකළ වැඩවර්ජනයට අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරිය විසින් ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
මේ නිසා අද සවස 04.00 සිට සාමාන්‍ය පරිදි හෙද සේවා පවත්වාගෙන යන බවද ඔහු පවසා සිටියේය.