වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා තවදුරටත් එම පළාත් සභාවේ මහ ඇමතිලෙස කටයුතු කරනු ඇති බව සඳහන් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 30ක් අත් උස්සා දිවුරුම් දුන්හ.
වයඹ පළාත් සභාවේ ආණ්ඩුවට මන්ත්‍රීධුර 34ක් හිමි අතර එයින් 30 දෙනෙකු අද පැවැති පළාත් සභා සැසිවාරයට පැමිණියේය.
විපක්ෂයට ඇත්තේ මන්ත්‍රිධුර 14ක් පමණි.