වයඹ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළද එම පළාත් සභාවේ බහුතරය තමන් සමග බව එහි විපක්ෂ නායක ජේ.සී. අලවතුවල (එජාප) මහතා පැවැසීය.
වයඹ පළාත් සභාවේ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා අද සිය මන්ත්‍රී කණ්ඩායම හා එක්ව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවයි.
ඒ අනුව වයඹ පළාත් සභාවේ මහ ඇමති පුටුව සඳහා මේ වන විට උණුසුම් තරගයක් ඇතිව තිබේ. ඒ දයාසිරි ජයසේකර මහතා හා විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතා අතරයි.