වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වීමත් සමග වයඹ පළාත් සභාව තුළ අර්බුදයක් මතු වී තිබේ. ආණ්ඩුවට එක්වෙනවානම් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහතා පවසයි.
මේ අතර වයඹ ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහතා ඉල්ලා අස්වීමට නියමිත අතර, ඒ වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරා පියසිලි රත්නායක මහත්මිය පත්කරන බවට වාර්තා වේ.