ඌව පළාතේ ජනතාවගෙන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්රතිචාර රජයට නොලැබීම හේතුවෙන් කුරුණෑගල, පුත්තලම යන දිස්ත්රික්කවල රාජ්ය නිලධාරීන් ඌව පළාතේ මැතිවරණ ප්රචාරණ කටයුතුවලට බලහත්කාරයෙන් යොදාගැනීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක බව වයඹ පළාත් විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතා පවසයි.
මේ සඳහා ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන බැංකු කළමනාකරණ නියෝජිතයන්, සමෘද්ධි යන නිලධාරීන් සහභාගී කරවාගෙන ඉකුත් 29 වැනිදා කුරුණෑගල වෙලගෙදර ක්රීඩාංගණය අසල පෞද්ගලික උපකාරක පන්ති පවත්වන දේශන ශාලාවකදී දැනුවත් කිරීමේ දේශන කිහිපයක් පවත්වා ඇතැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.