වයඹ පළාත් සභාවද ජාතික ආණ්ඩුවක් නිසා මීට මාස හතරකට පමණ ඉහතදී වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය ඉවත්කර ගන්නා බව වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය ජූඩ් සුමල් තිසේරා මහතා පැවැසීය. අද පැවැති පළාත් සභා සැසිවාරයේදී ඔහු මෙම දෝෂාභියෝගය ඉවත්කර ගත්තේය.