වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් පත්වූ ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදී.
මෙතෙක් වන්නි අරක්ෂක සේනා ආඥාපති වශයෙන් සිටි මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්දෙහි සේනා විධායක වශයෙන් උසස්වීමක් ලැබීමත් සමග ඇතිවූ පුරප්පාඩුවට පෙරේරා මහතා පත් කර තිබේ.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.