වන සත්ත්ව හා ආරක්ෂක ආඥ පනත උල්ලංඝනය කරමින් වන සතුන් ළඟ තබාගත් පුද්ගලයෙකුට රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක් නියම කර තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පඬු ගිරව් 02 ක් අලු ගිරව් 10 ක් ගල් ඉබ්බන් 02 ක් වලි කුකුළන් 10 ක් සැකකරුවෙකු සන්තකයේ තිබී තම බාරයට ගෙන තිබේ.
මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල නියමකර තිබෙන අතර, වනසතුන් අත්තිඩිය වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට යොමුකර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර රක්ෂිතයට මුදාහරින ලෙසත් නියෝග කර තිබේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව වනජීවීන් ළඟ තබාගැනීම ප්‍රදර්ශනය කිරීම අලෙවි කිරීම සපුරා තහනම් බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය අවධාරණය කරයි.