අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම, දබේවටන ප්‍ර‘දේශයට කඩාවැදුණු වනඅලි 80 කගෙන් යුත් රංචුවක් කුඹුරු සහ එළවළු වගාවන් අක්කර 100 කට අධික ප්‍රමාණයක් විනාශ කර දමා තිබේ.
කලාවැව තාවුල්ලේ විදුලි වැට කඩාගෙන මෙම අලින් ගම්වැදී ඇති බව ගම්වාසීහු පවසති.
කලා වැවේ රක්ෂිතය ජාතික උද්‍යානයක් බවට පත්කිරීමට විශාල කැලෑ ප්‍රමාණයක් විනාශ කර තිබීම හේතුවෙන් මෙසේ අලින් ගම්වදින බව ගම්වාසීහු පෙන්වා දෙති.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම ප්‍ර‘දේශයේ මෙවැනි විශාල වගා හානියක් සිදුවූ බවත්, මේ සිදුව ඇති විනාශයට රජය වන්දි ගෙවිය යුතු බවත් ඔවුහු සඳහන් කරති.