වදහිංසාවට තිත හෙට සිට
වදහිංසාවන්ට ලක්වූවන්ට සහාය පළකිරීමේ ජාත්‍යන්තර දිනය නිමිති කරගනිමින් වදහිංසාවට තිත තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක්හෙට(30දා) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද ට පැවසීය.
මේඅනුව මෙහි ප්‍රධාන වැඩසටහන කොළඹදී පවත්වන අතර, බොරුල්ල ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිට නිදහස් චතුරස්‍රය දක්වා වන පාගමනකින් සහ දේශන මාලාවකින් එය සමන්විත වේ.
මෙහිදී වදහිංසාව පිළිබඳ පාසල් දරුවෙකුගේ අදහස්, තරුණයෙකුගේ අදහස් මෙන්ම, වදහිංසාවට ලක්වූවන් වෙනුවෙන් ක්‍රියාකාරී සංවිධානවල අත්දැකීම්ද මෙහිදී ඉදිරිපත් කරන බවත්, මානසික වදහිංසාව පිළිබඳ තොරතුරුද ඉදිරිපත්කරන බවත් මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශකළේය.
එදින උදෑසන 9.00 ට ආරම්භවන මෙම වැඩසටහනපිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ට පැමිණීමට ආරාධනා කරන බවත්, මානව හිමිකම් කොමිසමේ ශාඛා කාර්යාල හරහා දිවයින පුරා ස්ථාන දහයකදී මෙලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් හෙට(30දා) පවත්වන බවද කොමිසම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

