ලයිම් කාමර වෙනුවට වතුකරයේ ජනතාවට නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ වටතේ ඉදිකළ ප්‍රථම ගම්මානය හෙට (09දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සඳහන් කළේය.
තනි නිවාස 150කින් සමන්විත මෙම ගම්මානය නුවරඑළිය ආගරපතන හුට්විල් වතුයායේ පිහිටා තිබේ.පර්චර් 07ක ඉඩම් කැබැල්ලක ඉදිකර ඇති මෙම එක් නිවසක් වර්ග අඩි 550කින් යුක්තය.
මෙහිදී ඉඩමේ අයිතිය හිමි හරිත භූමි ඔප්පුවක්ද නිවාස ලාභීන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.මීට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය.