වතු ආශ්රිතව සේවය කරන ජනතාවට දහවල් 12.00 ට පමණ නිවාඩු ලැබී තිබූ බැවින්, හවස් කාලය තුළ එම ප්රදේශ ආශ්රිතව දිගු ඡන්ද පෝළිම් දක්නට ලැබුණු බව කැෆේ සංවිධානය පවසයි.
මේ හේතුවෙන් සවස 4.00 න් පසු ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ පිරිස් ආපසු හැරී යන ආකාරය නිරීක්ෂණය වූ බවද එම සංවිධානය සඳහන් කළේය.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්රකාශ කළේ, බදුල්ල, බණ්ඩාරවෙල, මහනුවර, නුවරඑළිය යන ප්රදේශවල ප්රධාන වශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබුණු බවයි.