වතු රජයට බාර දෙන්න
වතු සේවකයන්ගේ පඩි වැඩි කළ නොහැකි නම් සියලු වතු රජයට බාරදෙන්නැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වතු හිමියන්ට අභියෝග කරයි.
අමාත්‍යවරයා මෙසේ වතු හිමියන් අභියෝගයට ලක්කරමින් අදහස් දැක්වූයේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට ඊයේ (21දා) සහභාගී වෙමිනි.
“අද සමහර වතු හිමියන්ට තමන්ගේ වතු පාලනය කරගන්න නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මොකද එදා සුදු ජාතිකයන් වතු පාලනය කරන සමයේ එක් එක් සමාගමට අක්කර 5000 ක් පමණ ප්‍රමාණයක් තමයි තිබුණේ. අද වතු අක්කර විසි දහස් ගණන් තියෙනවා. සමහර වතු හිමියන් වතු ආදායම නෑ කියා ලාභ හංගනවා. අන්න ඒ නිසයි මම කියන්නේ වතුවලින් ආදායමක් නැත්නම් වතු සේවකයන්ගේ පඩි වැඩි කරන්න බැරි නම්, ඒ සියලු වතු රජයට බාරදෙන්න කියලා. අද විශාල දේශීය ආයෝජකයන් ප්‍රමාණයක් වතු බාරගන්න බලාගෙන ඉන්නවා. ඒ අය වතු සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නත් කැමතියි. පැහැදිලිවම අපි කියනවා, වතු සංවර්ධනය කරන්න, වැඩි දියුණු කරන්න හැකියාව නව රජයට තියෙනවා. මම අවධාරණයෙන් කියනවා වතුවල ආදායමක් නැතිනම්, වතු සේවකයන්ගේ පඩි වැඩි කරන්න බැරි නම් ඒ සියලු වතු රජයට බාරදෙන්න" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

