අඩු පහසුකම් සහිත වතුආශ්රිත පාසල් 25 ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 2500 ක් වෙන් කළ බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.
මෙම මුදලින් රුපියල් ලක්ෂ 1030 ක් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වෙන්කර තිබෙන බවත්, ලක්ෂ 1470 ක් උපකරණ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන බවත් පවසා සිටියේය.
උපකරණ මිලදී ගැනීම යටතේ ක්‍රීඩා උපකරණ, ගෘහ උපකරණ, මල්ටිමීඩියා, ලැප්ටොප් සහ සෞන්දර්ය උපකරණ මිලදීගෙන තිබෙන බවත්, එම භාණ්ඩ මේ මස 23 වැනිදා පාසල්වලට ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.