යහපාලන ආණ්ඩුව පාලනය රට පාලනය කළ අවුරුදු දෙක තුළදී ප්රජාතන්ත්රවාදයේ මළගම සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා අද (17දා) පැවසීය.
එම කාලසීමාව තුළදී සෑම අතින්ම මර්දනය සිදු වූ , සිසු නායකයන් හා විරුද්ධ පක්ෂයේ නායකයන් සිරගත කළ, මැරයන් යොදා උද්ඝෝකයන්ට වදහිංසා පැමිණ වූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
සිරිකොත මන්දිරයට පොලිස් බලතල හෝ අධිකරණ බලතල පවරා නැති බව පැවසූ ගුණවර්ධන මහතා වී ගොවියන්ට සහන නොදීම,ආපදාවන්ට ලක්වූවන්ට ආධාර නොදීම, ආර්ථිකය කඩා වැටීම කිරි ගොවීන් හා තේ ගොවීන්ගේ ගැටලු එලෙසම පැවතීම නිසා ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණ එල්ල කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
බොරැල්ල එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.