වත්කම් හෙළි නොකළාට 5000ක දඩයක්
වත්කම් හෙළි නොකිරීමේ චෝදනාවලට වරද පිළිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි නමැත්තාට රුපියල් 5,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්රාත් අරුණි ආටිගල මහත්මිය නියම කළාය.
විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු පහටම ඔහු වරද පිළිගත් අතර, එක් නඩුවකට රුපියල් 1,000 බැගින් නඩු පහට රුපියල් 5,000ක දඩ මෙලෙස නියම කෙරිණි.
වත්කම් හෙළිකළයුතු රාජ්ය නිලධාරියෙකු වන යුද හමුදා මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් 2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් සිය වත්කම් හෙළි නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පහක් පවරා තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත්කරමින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට ඔහු වරද පිළිගන්නේ යැයි පැවසූහ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරිය එක් චෝදනාවකට රුපියල් 1,000 බැගින් චෝදනා පහට රුපියල් 5,000ක දඩ නියම කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

