මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සිය වත්කම් බැරකම් ප්රකාශ ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ප්රකාශකර තිබුණද, මේ වනවිට වත්කම් බැරකම් ප්රකාශ ලබාදී තිබෙන්නේ අපේක්ෂකයන්ගෙන් 55෴ ත් 60෴ ත් අතර ප්රමාණයක් පමණක් බව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.
මහනුවර, නුවරඑළිය, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල වත්කම් බැරකම් ප්රකාශ ලබාදීමේ ප්රතිශතය 60෴ ඉක්මවා තිබෙන බවත්, මාතර ඇතුළු දිස්ත්රික්ක කිහිපයක එය පවතින්නේ 50෴ කට අඩු ප්රතිශතයක් බවත් එම ආයතනය සඳහන් කරයි.
දේශපාලන පක්ෂ අතුරින් මේ වනවිට සියයට සියයක්ම වත්කම් බැරකම් ප්රකාශ ලබා දී ඇත්තේ ජනසෙත පෙරමුණ පමණක් බවද එම ආයතනය පවසයි.