ජාතික බළසේනාවේ නායක මහියංගණ ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිතහිමියන්ට එරෙහිව මහියංගණය ප්රාදේශීය සභාව ඉදිරිපිටදී අද (22දා) පෙරවරුවේදී විරෝධතාවක් පැවැත්විණි.
උන්වහන්සේ අද ප්රාදේශීය සභා සැසිවාරයක් සඳහා සහභාගීවූ අතර ඉන්පසුව උන්වහන්සේ ඉක්මනින්ම ප්රාදේශීය සභාවෙන් නික්ම ගොස් තිබේ. වටරැක හිමියන් පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට සම්බන්ධ වී තිබේ.