සූරියවැව, වැලි ආර ප්රදේශයේ වගා ළිදක වැටි සිටි ඇතින්නක සහ අලි පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ .
වැලි ආර ප්රදේශයේ ඇතින්නක සහ පැටවෙකු වගා ළිදක වැටි සිටින බවට පසුගිය 18දා සවස ලැබුණු තොරතුරකර අනුව ඇතින්න සහ පටවා ගොඩට ගැනීම සිහා හම්බන්තොට සහ මදුනාගල යන වනජීවී කාර්යාල වල නිලධාරින් එක්ව මෙහෙයුමක් ක්රියාත්මක කර අලි පැටවා සහ ඇතින්න ගොඩට ගැනීමට හැකි වී තිබේ .
ගොඩට ගත් ඇතින්න සහ පැටවා එම ප්රදේශයේම රක්ෂිත ප්රදේශයකට පළවා හැරීම සිදුකල බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජයකුමාර මහතා කියා සිටියේය.