ජාතික විගණන පනතේ තිබෙන වගන්ති 54න් වගන්ති 49ක්ම වර්තමාන ආණ්ඩුව විසින් සංශෝධනය කර දමා ඇතැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සඳහන් කරයි.
ජාතික විගණන පනත 2004 වසරේදී කැබිනට් අනුමැතියට පවා ඉදිරිපත් කළ බවත්, එහෙත් එය සම්මත කිරීම සිදුනොවූ බවද එම සංගමයේ සභාපති බණ්ඩාර කුමාරසිංහ මහතා සඳහන් කළේය.
එහෙත් දින 100ක ආණ්ඩුව යටතේ ජාතික විගණන පනත සම්මත කරන බවට වර්තමාන ආණ්ඩුව පොරොන්දු ලබාදුන් බවත්, එහෙත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
එසේ තිබියදී පනතේ වගන්ති 49ක් ආණ්ඩුවට ඕන ආකාරයට වෙනස්කර තිබෙන බවද අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කුමාරසිංහ මහතා සඳහන් කළේය.