මරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනා රෝගීන්ට රුපියල් 1500ත්, 3000ත් අතර මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව වකුගඩු රෝගය පිළිබඳව දේශීය පර්යේෂණ කණ්ඩායමේ සාමාජික රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජය සුමන මහතා සඳහන් කළේය.
මේ අනුව සාමාන්‍ය රෝගියෙකුට රුපියල් 1500ක දීමනාවක්, අසාධ්‍ය රෝගියෙකුට රුපියල් 3000 ක දීමනාවකුත් ලබාදීමට පොරොන්දු වූ බවත්, එසේම රෝගයේ විස නසාලීමට දේශීය සහල් වර්ග රටපුරා ප්‍රචලිත කිරීමටත් ජනපතිවරයා පොරොන්දු වූ බවද හෙතෙම පවසා සිටියේය.