ශ්‍රී ලංකාවේ පවතින නිදන්ගත වකුගඩු රෝග ප්රශ්නය විසඳීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යීෂියෑන්ලියැන්ග්මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ පවතින වකුගඩු රෝග ප්රශ්නය විසඳීම සඳහා විදේශ තානාපතිවරුන් හා ජාත්‍යන්තර ආයතනවල නියෝජිතවරුන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට එක්වෙමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය.