ශ්‍රී ලාංකීය ගොවි ජනතාව මුහුණදී සිටින ඛේදනීය ඉරණමක් වු වකුගඩු රෝගයෙන් එම ජනතාව බේරා ගැනීම සදහා ජනපති ජාත්‍යන්තර සහය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවට හිතැති සියලූ මිත්‍ර රාජ්‍යවල සහය ඒ සදහා අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසූවේ විදෙස් රටවල තානාපතිවරුන් සමග අද (29දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි.
දැනට ප්‍රදේශ රැසක 40,000 ක පමණ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුව සිටිති. රෝගය හේතුවෙන් දහසක පමණ පිරිසක් වාර්ෂිකව මිය යති.
මෙම තත්ත්වයට ප්රමුඛ හේතුවක් ලෙස හදුනාගෙන ඇත්තේ ජනතාවගේ පානීය ජල ගැටලුව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමේදී ජාත්‍යන්තරයේ සහය අපේක්ෂා කරන බව පැවසීය.
මේ සදහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට තානාපතිවරුන් එම අවස්ථාවේම සිය එකගතාවය පළ කළ අතර සැබෑ රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනතාව වෙනුවෙන් ගෙනයන මානුෂීය වැඩපිළිවෙලද ඇගයීමට ලක් කළහ.්